සමෘද්ධි බැංකුවල කොටසක් වර්ජනය කරද්දී තවත් පිරිසක් සුපුරුදු රාජකාරියේ
Related Articles
සමෘද්ධි බැංකු නිලධාරීන් අද දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවද ඇතැම් සමෘද්ධි බැංකුවල සේවකයින් ඊට සහාය නොදක්වා රාජකාරියේ නිරතව සිටින බව අපට වාර්තා වනවා.
සමෘද්ධි බැංකු සේවක සමිතියේ ගැටලු හා දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරී සංගමය අද දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
රට පුරා සමෘද්ධි බැංකු සම්පූර්ණයෙන්ම වසා දමා යළි විරෝධය පළ කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැංකු සේවකයින් වර්ජනයට සහාය නොදක්වා රාජකාරියේ නිරතව සිටින ආකාරයයි දැකගත හැකි වන්නේ.
එම කොට්ඨාසයේ සියලු සමෘද්ධි බැංකු ශාඛා විවෘත කර තිබෙනවා. සමෘද්ධිලාභීන්ට මුදල් ගෙවීම් මෙන්ම සහල් බෙදා හැරීමේ කටයුතු ද ඔවුන් සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරයයි දැකගත හැකි වුණේ.
මේ අතර පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි බැංකු ශාඛාද අද දිනයේ විවෘත කර තිබෙනවා.
අවුරුදු සමයේ කුඩා ව්‍යාපාරිකයන්ට ණය සහනාධාර, ගැබිනි මව්වරුන්ට මුදල් ආධාර, සහල් සහනාධාර, ආදිය ලබාදීම මෙහිදී සිදු කෙරෙනවා.