ශරීරයෙන් වෙන්ව තිබූ අතක් බද්ධ කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට
Related Articles
ශරීරයෙන් වෙන්ව තිබූ අතක් බද්ධ කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කෑගල්ල මහරෝහල පවසනවා.
ශරීරයෙන් වෙන්ව තිබියදී කෑගල්ල රෝහලට රැගෙන ආ අතක් පැය 4 ක ශල්‍යකර්මයකින් අනතුරුව බද්ධ කිරීමට කෑගල්ල මහරෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට හැකි වුණා.
කෑගල්ල එරබදු පිටිය ප්‍රදේශයේ ඥාති පවුල් දෙකක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයෙකු එල්ල කළ පහරකින් ඇයගේ අතේ පහල කොටස කැපී වෙන්වී තිබුණා.
වෙන් වූ කොටසට අයිස් යෙදූ ප්‍රදේශවාසීන් එය කවරයක බහා තරුණියද සමග කෑගල්ල මහරෝහලට ඇතුළත් කර තිබුණා. වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් තරුණියගේ ජීවිතය බේරාගැනීමට රුධිරය ලබාදී අත බද්ධ කිරීමට ද කටයුතු කළා.