fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 12:10

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගත්තා.

ප්‍රවීණ අපනයන වෘත්තීයවේදියෙකු වන ඒ මහතා දශක 4ක කාලයක් වෘත්තීය අත්දැකීම් සහිත නිලධාරියෙක්.

90 දශකයේ මුල් භාගයේ දී අපනයන සංවර්ධන මණ්ඩලයේ අලෙවිකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ජාත්‍යන්තර ප්‍රදර්ශන රැසක්ම සාර්ථකව පැවැත්වීම සඳහා මුලික වුණා.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ උපදේශකයෙකු මෙන්ම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා ලෙස ද ඒ මහතා කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඔහු මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම බාහිර කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්