fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් තිදෙනා පිළිබඳව පුළුල් විමර්ශන අරඹයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:49

හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් තිදෙනා පිළිබඳව පුළුල් විමර්ශන අරඹයි

උතුරු මුහුදේදී ඊයේ අත්අඩංගුවට ගත්  හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක් සහ විදෙස් ජාතිකයින් තුන් දෙනා පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

තලෙයි මන්නාරම වැලිපර මුහුදු තීරයේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී හෂීෂ් කිලෝග්‍රෑම්  92 ක සමඟ විදෙස් ජාතිකයන් තුන් දෙනා අත්අඩංගුවට ගැනුණේ.

එහි වටිනාකම රුපියල් මිලියන 92 කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ.

සැකකටයුතු යාත්‍රාව නිරීක්ෂණය වීමත් සමඟ එම යාත්‍රාව පරික්ෂා කර තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් ශෂීෂ් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයේ රැගෙන එමින් තිබූ ඒවා බවටයි  නාවික හමුදාව සැක පල කරන්නේ.

ඉන්දීය ජාතිකයන් බවට සැකකෙරෙන සැකකරුවන් තුන් දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලීසියට භාරදී තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්