fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තලෙයිබාන් සංවිධානයෙන් තවත් තහනමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:57

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තලෙයිබාන් සංවිධානයෙන් තවත් තහනමක්

ඇෆ්ගනිස්තානය තුළ පිහිටා ඇති ජගත් සංවිධානයේ කාර්යාල වල ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට සේවයේ නිරත වීම තලෙයිබාන් සංවිධානය තහනම් කර ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

තලෙයිබාන් සංවිධානය ඒ සම්බන්ධයෙන් ලිඛිත නිවේදනයක් ලබා දී නොමැති අතර වාචිකව පමණක් ඒ සම්බන්ධයෙන් තම කාර්යාලයට දැනුම් දී ඇති බවයි ජගත් සංවිධාන මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ.

තලෙයිබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර ගැටලුව නිරාකරණය කර ගන්නා තෙක් ඉදිරි පැය 48ක කාලය තුළ රාජකාරීයට වාර්තා නොකරන ලෙස සියලුම ඇෆ්ගන් ජාතිකයන්ට ජගත් සංවිධානය දැනුම් දී තිබෙනවා.

2021 වසරේ දී එරට බලය අත්පත් කර ගැනීමෙන් පසු තලෙයිබාන් සංවිධානය එරට කාන්තා අයිතීන් සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තලෙයිබාන් සංවිධානයේ මෙවැනි තීරණ කිසිසේත් අනුමත කිරිමේ හැකියාවක් නොමැති බව ද ජගත් සංවිධානය නිවේදනය කරනවා.

කාන්තා නිලධාරීන්ගේ සහයෝගය නොමැතිව ඇෆ්ගනිස්තානයේ සහන කටයුතු පවත්වා ගෙන යා නොහැකි බවයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්