fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:22

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා යන අයගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ.

ඒ අනුව අතුරුගිරිය මිලේනියම් සිටි කඩ පේලිය අසලදීයී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය මාර්තු 25 වනදා හෝමාගම  ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් ඇතුලු නඩු කිහිපයක වරෙන්තුකරුවෙකු බව කියන මෙම පුද්ගලයා අංගොඩ ලොක්කා නැමැති අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයෙකු බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අතුරුගිරිය පොලීසියට භාරදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්