fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවිතයට වසන්තය උදාවෙතැයි බලා සිටින වැලිමඩ මල් ගොවියන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 08:25

ජීවිතයට වසන්තය උදාවෙතැයි බලා සිටින වැලිමඩ මල් ගොවියන්

වසර කිහිපයක් විවිධ හේතු මත තම මල් අලෙවිය අඩාලව පැවති බවත් මෙවර වසන්ත කාලයේ තම මල් අලෙවියට නැවත යහපත් කාලයක් උදා වෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බව වැලිමඩ කැප්පෙටිපොල මල් ගොවීන් පවසනවා.

මල් පැල අලෙවියේ යහපත්ම කාලය අප්‍රේල් මාසය ආරම්භයත් සමඟ ආරම්භ වන බව පවසන මල් ගොවීන් කියා සිටින්නේ අප්‍රේල් මාසය පුරා කඳුකරයේ සංචාරයේ නිරත වන දේශිය සංචාරකයින්ට අලෙවි කිරීමට තමන් කලක පටන් මල් පැල වගා කිරීම සිදු කරන බවයි.

වසන්ත සමය උදා වීමත් සමඟ බොහෝ දෙනා මධ්‍යම කඳුකරයේ සිරි නැරඹිමට පැමිනෙන බව පවසන මල් ගොවින් කියා සිටින්නේ පසුගිය වර්ෂ කිහිපයක් තමන්ට සිතු පරිදි මල් පැල අලෙවි කිරීමට නොහැකි වු බවයි.

එයට හේතුව ලෙස ඔවුන් කියා සිටින්නේ කොරෝනා වෛරස් උවදුර හා රටේ පැවති ආර්ථික අර්බුදය බවයි.

කෙසේ වෙතත් දැන් ඉන්ධන මිලත් අඩු කර ඇති නිසාත් ආර්ථීකය යම් ස්ථාවරයකට පත්ව ඇති නිසාත් මෙවර වසන්ත කාලයේ දේශීය සංචාරකයින් වැඩිපුර පැමිනෙතැයි තමන් අපේක්ෂා කරන බව මල් ගොවින් මෙන්ම මල්පැල අලෙවි කරුවන්ද පවසයි.

ඔවුන් පවසා සිටින්නේ තම පවුල් මෙම රැකියාවෙන් දිවි සරිකරගන්නා නිසා කදුකර සිරි නරඹා නැවත යන ගමනේදී මල් පැලයක් රැගෙන ගොස් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටද දායක වන මෙන් මල් වගා කරුවන් දේශීය සංචාරකයින්ගෙන් ඉල්ලා සිටි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 08:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්