fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 08:05

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92 ක පමණ තොගයක් රැගත් විදේශීය ඩව් යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා  තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු විදේශීය ඩව් යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි.

එහිදි, එම ඩව් යාත්‍රාව තුල උර 03 ක් තුල පාර්සල් 95 ක අසුරන ලද හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ එම ඩව් යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 92 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් තිදෙනා (03) හෂීස් කිලෝ ග්‍රෑම් 92 ක පමණ තොගය සහ ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 6, 2023 08:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්