fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රසකල කිරි බී රෝහල්ගතකළ පෙරපාසල් දරු දැරියන්ගේ තත්වය බරපතල නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 16:22

රසකල කිරි බී රෝහල්ගතකළ පෙරපාසල් දරු දැරියන්ගේ තත්වය බරපතල නැහැ

කිලිනොච්චිය , භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරුදැරියන්ට ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් දරු දැරියන් 12 දෙනකු ඊයේ දහවල් රෝහල් ගතකොට ඇති බව කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයෙක් පැවසුවා.

භාරතීපුරම් ප්‍රදේශයේ  පෙර පාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගැනීමෙන් අනතුරුවයි මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණේ.

කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවටත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.

මේ අතර දරුවන් පානය කළ රසකළ දියර කිරි පැකට් පරීක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය හරහා අවධානය යොමු කිරීමට අදාල කාර්යාල නිලධාරීන් දැනුවත් කොට ඇතැයිද දරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පැවසුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 16:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්