fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී පාද උඩ මළුවට බර රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 15:19

ශ‍්‍රී පාද උඩ මළුවට බර රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර

නල්ලතන්නිය සිට ශ‍්‍රී පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ගැස් සහ ශ‍්‍රී පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර පිරිනැමීම ශ‍්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ‍්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ‍්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ‍්‍රී  ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින නල්ලතන්නිය ශ‍්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයේදි සිදු කෙරිණ.

ශ‍්‍රී පාද වන්දනා වාරයේදී එම කම්කරුවන් දිනපතා ශ‍්‍රී පාද උඩ මළුවට සහ මාර්ගය දෙපස පිහිටි වෙලඳසැල් වලට භාණ්ඩ රැගෙන යන අතර, එම කම්කරුවන්ට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සලාක සහ මුදල් ආධාර පරිත්‍යාග කල බවයි ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

එම බරකරුවන්ට අමතරව ඔහුන්ගේ පාසල් වියේ පසුවන දරු දැරියන්ට අවශ්‍ය නිල ඇඳුම් රෙදි සහ අවශ්‍ය පාසල් උපකරණද බෙදා දුන් අතර, නල්ලතන්නිය ප්‍රදේශයේ අවට පිහිටි වතු කොවිල් වෙත සහල් මළු පිරිනැමීමක්ද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් විසින් සිදු කෙරිණ.

නල්ලතන්නිය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට සහ ශ‍්‍රී පාද උඩ මළුව දක්වා බර රැගෙන යන කම්කරුවන්ට සහ ඔහුන්ගේ පවුල් වල දෘශ්‍ය අබාධිත අය හට අවශ්‍ය ඇස් කණ්ණාඩි ලබාදීමක්ද මෙයට සමගාමීව සිදු කෙරිණ.

මෙම අවස්තාවට ශ‍්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ පවුලේ ඥාතින් පිරිසක්ද සහභාගි වී සිටිහ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 5, 2023 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්