බත් පැකට්ටුව, කොත්තුව අද සිට ගණන් බස්සයි
Related Articles
අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ ආපනශාලා හිමියන් එම සහනය ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවයි.
ගෑස් මිල පහළ දැමීමත් සමග එම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටියා