fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ඔම්බුඩ්ස්මන් – කේ.බී.කේ හිරිඹුරේගම

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 17:59

නව ඔම්බුඩ්ස්මන් – කේ.බී.කේ හිරිඹුරේගම

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව සහ 1981 අංක 17 දරණ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 3(1) වගන්තිය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ
දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගී විය.

 

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්