fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පුරවන්න අනුමැතිය

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 16:13

පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු පුරවන්න අනුමැතිය

2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත්තේ.

ඒ අනුව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා..

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත් සඳහා බඳවා ගැනීම සිදු කිරීමට අනුමැතිය හිමිව නොමැති බවද සඳහන්

hasiniek
By hasiniek අප්‍රේල් 4, 2023 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්