යාපනය කංකසන්තුරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 14කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 428ක තොගයක් අත්අඩංගුවට ගැනුණා.
සැකකරුවන් දෙදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
සැක සහිත ඩිංගි යාත්රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී උර 13 ක පාර්සල් 228 ක් සොයා ගැනුණා. මෙම කේරල ගංජා තොගය කංකසන්තුරෙයි වරායට රැගෙන ආ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා එම ස්ථානයට පැමිණ වැටලීම සිදුකළ නිලධාරීන්ට ප්රසංසාව පළකළා.