සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පළමුවනදා රැස්වුණා. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට එහිදී අනුමැතිය හිමිවුණා. එම පත්කිරීම මාර්තු 26 වනදා සිට ක්‍රියාත්මකයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම හමුවට සහභාගි වුණා.