fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 10:32

ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩු කිරීම අද සිදු කෙරුණා. ‍

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් එක්දහස් පහකින් අඩු වනවා. ඒ අනුව එහි නව මිල රුපියල් තුන්දහස් හත්සිය තිස්අටක්.

කිලෝග්‍රෑම් පහේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් හාරසිය දෙකකින් අඩු කර තිබෙනවා. එහි නව මිල රුපියල් එක්දහස් පන්සිය දෙකක්.

කිලෝග්‍රෑම් දෙකයි දශම තුනේ සිලින්ඩරයක මිල රුපියල් එකසිය අසූ තුනකින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් හත්සියයක් වනවා.

මේ අතර ලාෆ් ගෑස් සමාගමද ගෑස් මිල අඩු කරන බව ප්‍රකාශ කරනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2023 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්