බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති සිංහල පුස්කොල පොත් ඩිජිටල්කරණය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා.
මෙම සිංහල පුස්කොල පොත් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ පරමත්ත සංවිධානයේ මූලිකත්වයෙනුයි.
එම ආයතනය වෙනුවෙන් ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ සහ බ්‍රිතාන්‍ය පුස්තකාලය වෙනුවෙන් සර්ක්සීස් මැස්ඩා මහතා ඊට අත්සන් තැබුවා.
මෙම ගිවිසුමට අනුව බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇති සිංහල පුස්කොලපොත් ඩිජිටල්කරණය කිරීම සිදුකෙරෙනවා.
බ්‍රිතාන්‍ය පුස්තකාලයේ සහ පරමත්ත සංවිධානයේ වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් කරණය කළ අත්පිටපත් ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාගත හැකියි.
මෙම ඩිජිටල්කරණ කටයුතු සඳහා පරිත්‍යාගශීලීන්ට ද දායක විය හැකියි.
ඒ පිළිබද විස්තර ද පරමත්ත සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිවනවා.