fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි

hasiniek
By hasiniek අප්‍රේල් 3, 2023 11:34

වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය ජුනි පළමුවනදා කැඳවන ලෙස මහාධිකරණය නියම කළා.

පෙත්සම අද කැඳවූ අවස්තාවේ වගඋත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණයේ පෙනී සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝශයක් නිවැරදි කිරීම සදහා පමණක් මෙම පෙත්සම අද කැඳවන ලෙස ඉල්ලා සිටි බව දැනුම් දුන්නා.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස පළමුවනදා කැදවන ලෙස නියෝග කළා.

ත්‍රස්තමර්දන කාර්යාංශය වෙනුවෙන් අභියාචනයක් ගොනුකරමින් නීති පතිවරයා සදහන් කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් නිදහස් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

hasiniek
By hasiniek අප්‍රේල් 3, 2023 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්