දියණියකගේ රෝගය සුව කිරීම සඳහාත්, දියණියන් දෙදෙනාට ඉන්න පැලක් හදා ගැනීම් සඳහාත් ඕමාන් රටේ ගෘහ සේවයට ගිය දෙදරු මවකට
දියණියන් දෙන්නට අත්වූ සෝචනීය පුවතක් පිළිබඳව තොරතුරක් මාතලේ මඩවල උල්පත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
සැමියා ළඟ කුඩා දියණියන් දෙදෙනා දමා ඕමාන් රටේ ගෘහ සේවය සඳහා පිටව ගිය මෙම මව නොසිතු පරිදි රෝගී තත්වයට පත්ව ආහාරපාන නොමැතිව නිවසේ හිංසනයකට ලක් ව සිටින බවත් දරුවන්ගේ සිහින සැබෑ කිරීම සඳහා ගියද දියණියන් දෙදෙනාට පාසල් ගමනද නැවතී දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම දියණියන් පවසනවා.
මාතලේ මඩවල උල්පත දියත උයන ප්‍රදේශ්යේ පදිංචි එච් ,ඒ , රසිකා සඳමාලි (31) හැවිරිදි දෙදරු මව මීට මාස 7කට පමණ ඉහත දී දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා කාර්යාලය කින් ඕමාන් රටේ බහුරානි ප්‍රදේශයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
වයස අවුරුදු 14 වූ මයුරි උමෙශිකා දියණියත් වයස අවුරුදු 8ක් වූ රවීෂා යස්මිනි දියණියත් සැමියා වන ජේ .ඒ .චන්දන කුමාර ලාල් සිරි මහතාට භාර දී ඇය මෙසේ ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ බාල දියණියගේ උදරයේ ඇති දරුණු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සහ ඔවුන් ජීවත්ව සිටි ඉඩකඩම් නිවස සියල්ල බේරා ගැනීම් සඳහා බව ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් ඇය ඕමාන් රටට ගොස් මාස කිහිපයක් ගත වෙද්දී එම පවුලේ ආර්ථිකය යම් මට්ටමකින් විසඳමින් පවතිද්දී කුඩා කාලයේ හෘද සැත්කම්ක් කර ඇති රසිකා සඳමාලි නැවතත් රෝගියෙක් බවට පත්ව සිටින බව ඇය සඳහන් කරනවා.
ඕමාන රටේ සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ අපව ඇමතූ රසිකා සඳමාලි දැඩි අපහසුතාවයන් කතා කරමින් කියා සිටියේ එම නිවසේ වද හිංසනයට
ලක්වන බව ය.
එමෙන් ම ආහාර පාන ලබා ගැනීමට නොහැකි වීම මෙන්ම ප්‍රතිකාර සඳහා සහයෝගයක් නොමැතිවවීම නිසා තමන් හුස්ම ගැනීමේ අපහසු තාවයකට ලක්ව අඩුම තරමේ ප්‍රතිකාරයක් ලබා නොදෙන බවය.
නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 8 ක මුදලක් පෞද්ගලික රැකියා නියෝජිත ආයතනය ඉල්ලා සිටින බවත් ඇය සඳහන් කළාය.
දියණියන් දෙන්නා ගේ තත්වත්වය කුමක් දැයි සොයා බැලීම සඳහා මාතලේ මඩවල උල්පත ප්‍රදේශයේ පිහිටි එම නිවසට යන විටත් පාසල් ගමනට තාවකාලිකව සමුදී සිටින දියණියන් දෙදෙනා තනිව නිවසේ සිටින ආකාරයත් දැකගැනීමට හැකි විය.
මව මාස දෙකක පමණ කාලයක සිට මුදල් ඒවා ගැනීම්ට නොහැකිවීම තම පියා කුලී වැඩට යන නිසා නැගණිය නිතර නිතර අසනීප වන නිසා තමන්ගේ පාසල් ගමන අඩපන වූ බව වැඩිමහල් දියණිය මයුරි අප සමග පැවසුවාය.
වැඩට ගිය අවස්ථාවන්හිදී නැගණිය පිරිසිදු කිරීම් ආහාර පිසීම ආදී සියලු කටයුතු උරුම වී ඇත්තේ වයස අවුරුදු 14ක් වූ නොතේරෙන මයුරි උමේශා දියණියට ය.
හැඬූ කඳුළින් දියණිය කියා සිටියේ තමන්ගේ මව කාගේ හෝ උදව්වෙන් කඩිනමින් ලංකාවට ගෙන්වා දෙන ලෙස ය. එසේ වූ විට තමන්ට අධ්‍යාපනය ලබා ගැනීමට තමන්ගේ නැගණිය වන රවීෂාට ප්‍රතිකාර කර ගැනීමට ද හැකි බව ඇය සදහන් කළාය.
මෙම දරුවන්ගේ පියා වන චන්දන කුමාරසිරි මහතා කුලීවැඩ ගොස් අප ලබාදුන් දැනුම්දීම් මත නිවසට පැමිණ කියා සිටියේ තම බාල දියණිය වෙනුවෙන් මුළු සේසතම වියදම් කොට ඇති බවය.
කුඩා කාලයේ සිටම ඇති වූ රෝගී තත්වය සොයා ගැනීම සඳහා ඉඩකඩම් වතුපිටි නිවස පවා මේ වන විට විකුණා රුපියල් පන්දහසක මුදලක් ගෙවා කුඩා කාමරයක ජීවත් වන බව ද ඔහු සඳහන් කළා.
මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා තම බිරිඳ විදේශ ගත වීමට ගත් තීරණයට තමන් ද එකඟ වූ බවත් අවසානයේදී බිරිඳ එරට අසනීප තත්ත්වයට පත්ව නැවතත් මුළු පවුලම මහා ඛේදවාචකය ට පත්වන බව හෙතෙම සඳහන් කළා.
කුමන හෝ බාධක තිබුණත් තමන්ගේ බිරිඳ ලංකාවට ගෙන්වා ගැනීම සිදු කළහොත් කුසගින්නේ හෝ දරුවන් සමග ජීවත් වීමට හැකි බව හෙතෙම
සඳහන් කළේය.
ඔවුන්ගේ ලිපිනය
ජේ .ඒ .චන්දන කුමාර ලාල් සිරි
නොම්මර 82
,දියදහර උයන ,මඩවල උල්පත