fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රිකාවේ මාර්බග් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2023 13:38

අප්‍රිකාවේ මාර්බග් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යයි

අප්‍රිකාවේ මාර්බග් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එබෝලා වෛරසයට සාමාන රෝග ලක්ෂණ ඇති මාර්බග් වෛරසය අප්‍රිකාන්‍ර මහද්වීපයේ ලැව් ගින්නක් සේ පැතිර යන බව එක්සත් ජනපදයේ සෞඛ්‍ය පරීක්ෂණ කණ්ඩායම් පවසනවා.

විශේෂයෙන්ම ගයනාවෙන් සහ ටැන්සානියාවෙන් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වනවා.

දැඩි උණ තත්ත්වය අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගෙන් රුධිර වහනය වීම ,හිසරදය මාර්බග් වෛරසයේ රෝග ලක්ෂණ වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මාර්බග් වෛරසය සීඝ්‍රයෙන් බෝ වන වෛරසයක් වනවා.

ඇදුම් පැළදුම් හරහා ද මෙම වෛරසය බෝ විය හැකි බවයි සඳහන් වන්නේ.

මෙම වෛරසයට තවමත් එන්නතක් සොයා ගෙන නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2023 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්