fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුප්පි ලාම්පුව පෙරලී ගිනි අරන් – පිලිස්සීමෙන් මාස 6 බිළිඳා මරුට

hasiniek
By hasiniek අප්‍රේල් 2, 2023 13:06

කුප්පි ලාම්පුව පෙරලී ගිනි අරන් – පිලිස්සීමෙන් මාස 6 බිළිඳා මරුට

මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලීගොස් ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී ජිවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.

ගෙවී ගිය ජනවාරි මස 22 වනදා රාත්‍රියේ තේරාවිල් ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ බිළිඳා නිදා සිටියදී කුප්පි ලාම්පුව පෙරලීමෙන් මෙම ගිනි ගැනීම සිදුව තිබුණා.

පිළිස්සීම හේතුවෙන් බරපතල තත්ත්වයේ සිටි බිලිඳා ධර්මපුරම් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට රැගෙන යාමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවූ බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

hasiniek
By hasiniek අප්‍රේල් 2, 2023 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්