කොරියාවේ නැව් නිශ්පාදන සමාගම් සඳහා ඊ – 7 වීසා කාණ්ඩය යටතේ වැද්දුම්ශිල්පීන් රැකියාගතකිරීමේ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
නිවරදි පුහුණුවක් සහ හැකියාවක් සහිත ශ්‍රමිකයින් පමණක් කොරියානු රැකියා සදහා යොමු කරවීම වඩාත් තහවුරු කරමින් නැව් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට, සිය කුසලතා සහතිකය ලබාගැනීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමට කටයුතු කරනු ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඒ අනුව කොරියානු නැව් සංගමයේ සහ අදාල බඳවා ගනු ලබන කොරියානු ආයතනයේ නියෝජිතයින් ඉදිරියේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණදී සහතිකය ලබාගත යුතු වෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද අධීක්ෂණය සහිත එම ප්‍රායෝගික පරීක්ෂණ ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණ ආයතනයේදී පැවැත්වූ බවද සඳහන්.