නිවසක් තුළ සිදු කළ කංසා වගාවක් සහ විද්‍යාගාරයක් වටලයි
Related Articles
හරිතාගාරයක් ලෙස නිවසක් තුළ සිදු කළ කංසා වගාවක් සහ විද්‍යාගාරයක් පොලීසිය මගින් වටලා තිබෙනවා.
කුෂ් නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මොවුන් මෙම හරිතාගාරය සහ විද්‍යාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි අනුරාධපුර කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශය පවසන්නේ.
කංසා උපයෝගී කරගනිමින් විවිධ අත්හදාබැලීම් සිදු කළ යුවලක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙම නිවස කුලී පදනම මත ලබාගෙන මෙම වගාව සිදු කරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.