කටුනායක ගුවන්තොටුපොලේ ගගන යාත්‍රාංගනය තුළ ප්‍රවාහන සේවා සැපයීම සදහා තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
විශේෂ කාර්යබලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ මගීන් පැමිණෙන පර්යන්තය අසළදී වැටලීමක් සිදුකළා. විදේශීය සංචාරකයින් අපහසුතාවට පත්වන පරිදි නිසි බලධාරියෙකුගෙන් ලබාගත් නීත්‍යානුකූල අවසරයක් නොමැතිව ගගන යාත්‍රාංගනය තුළ ප්‍රවාහන සේවා සැපයීම සදහා තරැව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් අඩි අම්බලම, කිඹුලාපිටිය, මිනුවන්ගොඩ හා කටුනායක යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළේ.