නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3640ක් සමඟ සැකකරුවෙකු ගාල්ලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යබලකායේ රත්ගම කදවුරේ නිලධාරීන් ගාල්ල, මාගාල්ල, ප්රදේශයේදී වැටලීමක් සිදුකළා. ඒ එම නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි. එහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3640ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු 26 හැවිරිදි වියේ පසුවන ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශන සදහා ගාල්ල වරාය පොලිසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළා.