ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජන සහ ව්‍යාපාර සදහා ජාත්‍යන්තර ගමනාන්තයක් වනුඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. තායිලන්තයේ පැවති ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ සංසදයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
තිරසාර සංවර්ධන අභියෝගවලට විසදුම් සෙවීම සදහා වු මෙම සංසදය සාමාජික රටවල් 53ක් සහ ආශ්රිත සාමාජිකයන් 9 දෙනා අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කරනු ලබනවා. මෙහිදී සෙසු රටවල සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව දෘෂ්‍යමාන ආර්ථික ස්ථාවරත්වයක් කරා පැමිණ ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WUkwikHtxB4″]