ලෝක ආර්ථිකයම හසුරුවන බලශක්තිය සංරක්ෂණය සදහා නිසි කළමනාකරණයක් අවශ්‍ය බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ හෙට සුරකින අපේ ළමයි දැනුම මිනුම සහ කථික තරගාවලිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සහ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලිට්රෝ ගෑස් ආයතනය එක්ව මෙය සංවිධාන කරනවා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ දේශගුණික විපර්යාසවලට හේතුවන බලශක්තිය අසීමිතව භාවිත කරන කාර්මික රටවල් ඉන් බැටකන රටවලට පරිසරය සුරකින ලෙස උපදෙස් ලබා දෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/8ACuSGntw0c”]