රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරමින් සිටින හරක් කටා සහ කුඩු සලිදු යන සැකකරුවන් දෙදෙනාගේ ජීවිත ආරක්ෂාව සලසන ලෙස නීතිඥ මඩුල්ලක් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලකුයි කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙම ඉල්ලීම සිදු කළේ.
ඒ අනුව සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ආකාරය සම්බන්ධයෙන් සතියක් තුළ අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්රාත්වරයා මහජන ආරක්ෂක අංශ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.
පිටතට රැගෙන යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා භාරයේ රැගෙන යන ලෙසද නීතිඥ මඩුල්ල ඉල්ලීමක් කළා.
ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මාකදුරේ මධුෂ් නමැති සැකකරුට මෙන් සිදුවීමක් වීමට ඉඩ නොදෙන ලෙසයි.