ව්‍යාපාරික දිනේෂ් ෂාප්ටර් මහතාගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂනය ලබන මස 4 වනදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම මරණය සියදිවි හානිකර ගැනීමක්ද ඝාතනයක් ද යන්න තීරණය සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත්කර තිබෙනවා.
මෙය දීර්ඝ විමර්ශනයක් බවට පත්ව ඇති බවයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කියා සිටියේ.
ඒ අනුවයි මෙම නඩුව සඳහා වන පුරෝගාමී විනිසුරුවරිය හමුවේ එය කැඳවීම සඳහා කල්තැබුණේ.
විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
ඒ අගෝස්තු 4 වනදායි. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රයයි පෙත්සම ගොනුකර තිබුණේ.