fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද අපරාධ සිදුකළ බවට චෝදනාවක් – විදෙස් පුවත්

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:43

යුද අපරාධ සිදුකළ බවට චෝදනාවක් – විදෙස් පුවත්

ඕස්ට්‍රේලියා යුද හමුදාවේ හිටපු යුද සෙබලෙකුට ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් අතරතුරදී යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ඕස්ට්‍රේලියා යුද හමුදාවේ හිටපු යුද සෙබලෙකු වන ඔලිවර් ෂූල්ස් මනුෂ්‍ය ඝාතන සිදුකළ බවටයි චෝදනා ගොනුකර ඇත්තේ.

41 හැවිරිදි මෙම යුද සෙබලා ඕස්ට්‍රේලියා නීතිය යටතේ යුද අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන පළමු ඕස්ට්‍රේලියා ජාතිකයා ද වනවා.

ඔහු වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2012 වසරේදී ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් සදහා ඔහු දායක වී ඇති අතර එහිදී ඔලිවර් ෂූල්ස් මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවනවා.

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්