fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවිධ වැරදිකර රට පැනලා ඉන්න පුද්ගලයින්ට ගැන ගත් තීරණය

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:32

විවිධ වැරදිකර රට පැනලා ඉන්න  පුද්ගලයින්ට ගැන ගත් තීරණය

විවිධ වැරදිකර විදේශවලට පලා ගොස් සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාවේදී කරන ලද වැරදි සම්බන්ධයෙන් චූදිත හෝ වැරදිකරුවන් කරනු ලැබූ අය පිලිබඳ ක්‍රියාකිරීම සදහා 1977 අංක 8 දරණ උදර්පන පනත සම්මත කර තිබෙනවා.

එම පනතේ දෙවන වගන්තියට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පිළිබද ගැසට් පත්‍රයේ පල කරන නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක ඇමතිවරයාට හැකියාව පවතිනවා.

ඒ අනුව රටවල් 56 ක් ඇතුළත් වන පරිදි උදර්පන නීතියේ දෙවන වගන්තිය සංශෝධනය සදහා අනුමැතිය පිනිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මේ අතර මහනුවර පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හයින්ෆෝඩ් වත්ත ඉඩමෙන් ගංවතුර හා නායයෑමේ ආපදාවන්ට ලක් වූවන්ට ඉඩම් කොටස් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

අක්කර 566කින් යුතු මෙම ඉඩමෙන් අක්කර 200 ක ප්‍රමාණයක් ඒ සදහා වෙන් කෙරෙනු ඇති.

නියාගම ජාතික වෘත්තීය පුහුණු ආයතනය සංවර්ධනය කිරීමට කොරියා වොන් මිලියන 2.15 ක ප්‍රදානයක් ලබාදීමට කොරියාව එකගතාව පල කර තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා දෙරට අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඔට්ටු ඇල්ලීමේ හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් එය අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා.

ආනයනය හා අපනයනය පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්