ලලිත් වීරතුංගට හා කබ්රාල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි
Related Articles
රජයට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි නඩුව මැයි 23 කැදවීමට නියම කෙරුණා.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසිනුයි.
චෝදනා පහදාදීම සදහා මෙම නඩුව මැයි 23 වනදා කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ පැමිණිල්ලට ලැබිය යුතු ලේඛණ මෙතෙක් ලැබී නැති බවයි.
ඒ අනුව අදාළ ලේඛණ ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
එහීදී පැමිණිල්ලේ නීතිඥවරුන් පැවසුවේ සියලු ලේඛණ අධිකරණ රෙජිස්ටර් හමුවේ ගොණු කර ඇති බවයි.
ලේඛණ අධ්‍යයනය කර මූලික විරෝධතා ඇත්නම් ගොනු කිරීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
ලලිත් වීරතුංග මහතාගේ නීතිඥවරයා ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොණු කළා.