fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

159 වන පොලිස් අනුස්මරණ දිනය අභිමානවත්ව සැමරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 10:24

159 වන පොලිස් අනුස්මරණ දිනය අභිමානවත්ව සැමරේ

159 වන පොලිස් අනුස්මරණ දින ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීයි.

රාජකාරියේදී ජීවිතක්ෂයට පත්වු පොලිස් විරුවන් ගෞරවාන්විතව අනුස්මරණය කිරීම මෙම දිනයේ අරමුණයි. පොලිස් වෛද්‍ය සේවා, සුබසාධක,  ක්ෂේත්‍ර බලකා මූලස්ථාන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. දිවිපිදූ පොලිස් විරුවන් වෙනුවෙන් විශේෂ පොලිස් උත්තමාචාරයක් පිරිනැමූ අතර පොලිස් විරු සමරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද මෙහිදී කටයුතු කෙරුණා.

එදා මෙදා තුර පොලිස් නිලධාරීන් තුන්දහස් එකසිය හතලිස් තුන් දෙනෙකු වික්‍රමාන්විත රාජකාරීවලදි දිවි පුදා තිබෙනවා. ඒ අතරින් 2599 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද ගැටුම් පැවති සමයේදීයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්