ප්රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වනවා.
ජනාධිපති එම්මානුවෙන් මැක්රෝන්ගේ යෝජිත වීශ්රාම වැටුප් ප්රතිසංස්කරණවලට විරෝධය පල කරමිනුයි මෙම විශ්වාසභංග යෝජනා ගෙනඒමට සූදානම් වන්නේ. යෝජිත විශ්රාම වැටුප් ප්රතිසංස්කරණවලට විරෝධය පල කරමින් රට පුරා උද්ඝෝෂණය පැවැත්වෙනවා.
උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් ද හටගත්තා. කෙසේ වුවද ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනා හමුවේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්ගේ ධුරය අභියෝගයට ලක් නොවනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.