ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් ( Bonnie Horbach) මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමග අද (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා තානාපතිවරිය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.
විශේෂයෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණපෑමට සිදුවූ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හා එහි වත්මන් තත්ත්වය, එම අභියෝගය ජය ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් තත්ත්වය ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි පැවසෙන්නේ.