මාලි රාජ්‍යයේ දී පැහැරගත් රතුකුරුස සේවකයින් දෙදෙනා නිදහස් කර ඇති බවට වාර්තා වනවා.
සහන කටයුතුවල නිරතව සිටියදීයි රතුකුරුස සංවිධානයට සේවය ලබාදුන් ස්වෙච්ඡා සේවකයින් දෙදෙනෙකු මේ මස මුලදී පැහැරගත්තේ. ඒ මාලි රාජ්‍යයේ සටන්කාමීන් විසින්. ඔවුන් නිරුපද්‍රිතව යළි නිදහස් කර ඇති බවයි මාලිහි ජාත්‍යන්තර රතුකුරුස නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ටොයින් ග්‍රෑන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ. හැකි ඉක්මනින් එම සාමාජිකයින් දෙදෙනා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරකරන බව ඔහු ප්‍රකාශ කළා.