මාලදිවයිනේ පැවති යාත්‍රා සම්මේලනයට ආරාධිතයෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද සහභාගි වුණා.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී මාලදිවයින් ධීවර අමාත්‍යංශය අතුළු පාර්ශ්ව රැසක් සමග සැකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ ධීවර කටයුතු සහ තාක්ෂණ කටයුතු සම්බන්ධවයි.
ඒ අනුව ධීවර නියාමන සහ තාක්ෂණික කටයුතුවලදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙන්ම යාත්‍රා හා ධීවර උපාංග නිෂ්පාදනයට ද පියවර ගනු ඇති.
සීනෝර් පදනම වැනි ආයතන මගින් සාර්ථකව යාත්‍රා නිෂ්පාදනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.