ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදීමට නියමිත ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය මුදල සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද ලැබීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය සම්බන්ධයෙන් වූ නිල ප්‍රකාශය හෙට පෙරවරු 8.00ට දැනුම් දීමට නියමිතයි.
ඒ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් හා ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් එක්වීමට නියමිතයි.
මෙම අනුමැතියත් සමග මෙරට ඩොලර් අර්බුදය අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසේක මහතා ප්‍රකාශ කළා.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සදහා ප්‍රමාණවත් විදෙස් සංචිත මෙම ණය මුදල ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක ණය මුදල වසර 4ක් තුළ ශ්‍රීලංකාවට ලැබීමට නියමිතයි.
එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 390ක් මේ මස අගදී ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ.