නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඇමෝනියම් නයිට්රේට් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 50ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු මැදවච්චිය, පදවිය පාර ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් 46 හැවිරිදි පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මැදවච්චිය පොලිසියට භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.