ලොරි රථයක් ත්‍රි රෝද රථයක ගැටී 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පන්විල නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හංදියේදීයි මෙම අනතුර සිදුවුණේ. නාරම්පනාව සිට ඔරුතොට දෙසට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක ගැටී තිබෙනවා.
එහිදී ලොරි රථය සහ ත්‍රි රෝද රථය පෙරළී අනතුරක් සිදුවුණා. ඉන් ලොරි රථයේ ගමන් ගත් 11 දෙනෙකු සහ ත්‍රි රෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථයේ සහ ත්‍රි රෝද රථයේ රියදුරන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.