fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 303 ක් පිටුපසින්

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2023 19:17

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 303 ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවන විට දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු දෙකක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය වෙලින්ටන්හිදී පැවැත්වෙන අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. පළමු ඉනිම සදහා පන්දුවට පහරදීම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිම සදහා  පන්දුවට පහරදීමට සිදු වූ අතර අද දිනයේ තරගය නතර කරනවිට කඩුළු දෙකක් දැවී ලකුණු 113 ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න ලකුණු 51 ක් රැස් කළ අතර කුසල් මෙණ්ඩිස්  ලකුණු 50 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 303 ක් රැස් කරගත යුතුයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2023 19:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්