fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘එයා දැන් බැඳලා’ ජනතා සම්මානයට පාත්‍ර වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 19:34

‘එයා දැන් බැඳලා’ ජනතා සම්මානයට පාත්‍ර වෙයි

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වූ එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය අද ජනතා  සම්මානයට පාත්‍රවුණා.

ඇබ්බැහියක හමුවක් නමින් මෙම උත්සවය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වුණා. විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වූ ටෙලි නාට්‍යයක් බවට පසුගිය දිනවල සති අන්තයේ දී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය සමත්වුණා.  මෙම ටෙලි නාට්‍යයේ ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ප්‍රේක්ෂක ජාලයක් නිර්මාණය කර ගැනීමට ද කටයුතු කර තිබුණා. ඔවුන් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුළු රංගන ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් ඇගයීමට අද කටයුතු කළා. අමල් අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය වී තිබූ මෙම ප්‍රේක්ෂක කණ්ඩායම එයා දැන් බැදලා නිර්මාණ කරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම සිදුකළා.

නිර්මාණ ශිල්පීන් සහ ප්‍රේක්ෂකයන් අතර සුහද සාකච්ඡාවක්ද ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදර්ශන ගුණවර්ධන,  සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 19:34

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්