බූරු මූණා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
Related Articles
අපරාධ රැසකට සම්බන්ධ රවිදු සංක ද සිල්වා නොහොත් බූරු මූණා නමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
බූරු මූණා නමැති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්. පසුගිය දෙසැම්බර් මාසයේදී හංවැල්ල ප්‍රදේශයේ වෙළෙදසැලකට ඇතුළුවී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන්නේ ද මොහුයි.
කන්කානම්ලාගේ රවිදු වර්ණ රංග යන ව්‍යාජ නමකින් ඩුබායි බලා පිටත්ව යාමට පසුගිය පෙබරවාරි 24 වනදා ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වු අතර එහිදීද සුක්ෂම ලෙස පලා යාමට ඔහු සමත් වුණා.