fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිස්ටීරියා බැක්ටීරියාව ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැහැ – විශේෂඥ වෛද්‍ය නවීන් ද සිල්වා

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 18:55

ලිස්ටීරියා බැක්ටීරියාව ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැහැ – විශේෂඥ වෛද්‍ය නවීන් ද සිල්වා

ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වී රෝගාතුර වූ බවට සැලකෙන පුද්ගයන් සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් තහවුරු වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ වෙළෙදසැලක සේවය කළ කාන්තාවක ආහාර  විෂ වීමකින් පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. පසුව කළ පරික්ෂණවලදී හෙළිවුණේ. ලිස්ටීරියා ශරීරගත වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගිය බවයි. ශ්‍රීපාද වන්දනාවේ නිරත කිහිප දෙනෙකුටම ලිස්ටීරියා රෝග ලක්ෂණ පෙන්නුම් කළද තවමත් එය තහවුරු කරගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගත වී ඇති බවට සැකකෙරෙන රෝගියෙකු බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රීපාද වන්දනාවේ ගිය තම මිත්තණිය රැගෙන ආ ආහාර පාන අනුභව කළ අයෙකු රෝගාතුර වී මෙසේ ප්‍රතිකාර ලබනවා. උණ, වමනය, හිසරදය, පාචනය ආදිය ලිස්ටීරියා රෝග ලක්ෂණවනවා. අපිරිසිදු ලෙස පිළියෙළ කර ඇති ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් මෙම රෝගය වැළදෙන බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.

මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළෙදසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ක්‍රියාකළා. එමෙන්ම මෙම සාම්පල එදිනම රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කෙරුණා. නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ක්‍රියාත්මක නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරික්ෂණ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීම හේතුවෙන් නල්ලතන්නි මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ නිරත පිරිස් වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සේවාවන් ප්‍රමාණවත් පරිදී ඉටු කිරීමට ගැටලු මතුව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්