144 වන නිල් මහා සටනේ ජය රාජකීය විද්‍යාලයට
Related Articles
කොළඹ රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති නිල් මහා සටන ක්‍රිකට් තරගයෙන් රාජකීය විද්‍යාලයට ලකුණු 180 ක ජයග්‍රහණයක් හිමි වුණා.
රාජකීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු 8 කට ලකුණු 326 ක් රැස් කළා. ශාන්ත තෝමස් ක්‍රීඩකයන් පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 153 ක් පමණයි. රාජකීය ක්‍රීඩකයන් දෙවන ඉනිමේදී කඩුලු 04 කට ලකුණු 168 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව දෙවන ඉනිම සදහා පිටියට පිවිසි ශාන්ත තෝමස් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 161 ක් පමණයි. මේ අනුව රාජකීය ක්‍රීඩකයන්ට ජයග්‍රහණය හිමි වුණා.
ත්‍යාග ප්‍රදානය කිරීම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.