fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති උමා ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 17:55

අගමැති උමා ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

උමා ඔය ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්වුණා.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක් එක්කරමින් උමා ඔය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. වෙල්ලස්ස ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණක්. අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් උමා ඔය ව්‍යාපෘතිය යටතේ විදුලි ජනනය සිදු කෙරෙන යාන්ත්‍රණය දැක බලාගත්තා.

උමා ඔය උමග ඔස්සේ කිලෝමීටර් තුනක් පමණ අභ්‍යන්තරයට ගොස් තාක්ෂණික කටයුතු සිදු කෙරෙන ආකාරය ද අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නිරීක්ෂණය කළා. මෙම අවස්ථාවට මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 17:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්