fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 16:24

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණයක්

උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බවයි.

මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දෙයි. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි සිසුන් 5,000කට මෙම ණය පහසුකම ලබා දීමට නියමිත බව ද සියඹලාපිටිය කියා සිටියි.

මීට අමතරව දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ ණය මුදල විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්