මාස 4කට පසු ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි
Related Articles
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 841 ක් වාර්තා වී තිබෙනවා.
මාස හතරකට පසු ඉන්දියාවෙන් එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
කේරලය මහාරාට්‍ර ප්‍රාන්තය , කර්නාටක ප්‍රාන්තය සහ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙම රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම සිදුව තිබෙනවා.
මේ අනුව සෞඛ්‍ය අංශ පවසන පරිදී මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි 4.46ක් බවයි.
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ තුනක් ද වාර්තා වී තිබෙනවා.