fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 28ක් කොළොම්බුතුරෙයි වෙරළ තිරයේදී සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:48

වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 28ක් කොළොම්බුතුරෙයි වෙරළ තිරයේදී සොයා ගැනේ

වෝටර් ජෙල් නැමැති පුපුරණද්‍රව්‍ය කූරු 28ක් යාපනය කොළොම්බුතුරෙයි වෙරළ තිරයේදී සොයා ගැනීමට නාවික හමුදාව සමත්වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී වෙරළ තිරයේ සුක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් කූරු සොයා ගැනුණා.

වාණිජ වශයෙන් භාවිත කරන මෙම වෝටර් ජෙල් කූරු නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා බවයි නාවික හමුදාව පවසන්නේ.

සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කිරීමේ අරමුණෙන් මෙවැනි පුපුරණද්‍රව්‍ය භාවිත කර ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්