fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:28

ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරේ

ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදියි.

තුවාල ලැබූ පුද්ගල‍යා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මීට දින හතරකට පෙරද මෙම පුද්ගලයා පෞද්ගලික ආරවුලක් හේතුවෙන් උරණ වී අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

මොහු 41 හැවිරිදි හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකි.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්